මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ අම්මාව මෙරට තනිකර ඉන්දියාවට පලාගිය පියා සහ පුතා අත්අඩංගුවට

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය ජනවාරි 29 දින ගනේමුල්ල පොලිස් වසමේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 423ක් සහ මත්පෙති 3450ක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සැකකාරියගේ ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ආධාර අනුබල දී ඇති බවටත්, ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත පලාගොස් සිටින බවටත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මෙම සැකකාරියගේ ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටියදී පසුගිය 24 වැනිදා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (28) දින මොවුන් මෙරටට පිටුවහල් කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපල පැමිණිමේ පර්යන්තයේදී එදින දහවල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අවුරුදු 23 හා 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02
Video thumbnail
කථානායකගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය වීමක් ගැන දොලවත්ත හෙළිකරයි
05:22
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25