පොලිසියේ අයට සහනදායී ක්‍රමයකට විදුලි යතුරුපැදි ලබාදීමේ සැලසුම්

පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව භාවිතය සඳහා සහනදායී ක්‍රමවේදයකට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන යතුරුපැදි ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම යතුරුපැදි සඳහා වූ රජයේ බද්ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් දරන බවත්, පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් වාරික වශයෙන් යම් සාධාරණ මුදලක් කැපී යන අයුරින් එම යතුරුපැදි පොලිස් නිලධාරීන්ට ලබා දීමට තීරණය වූ බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.

එමෙන්ම පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වය නිසාවෙන් ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවට අමාත්‍යාංශය වෙත වාර්තා වූ කරුණු සැළකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්ට මසකට අවම වශයෙන් දින තුනක් නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47