ඕමල්පේ සෝභිත හිමිගෙන් ජනපතිට ලිපියක්

භික්ෂූන් වහන්සේලා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කර ඇති අධිකරණ පිහිටුවීමට කටයුතු කරන්නැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

ඕමල්පේ සෝභිත නාහිමියන් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂුන් වහන්සේලා සහ උන්වහන්සේලාට අදාල ආරාමික මෙන්ම ධර්ම විනයගත ගැටළු සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගනු ලබන්නේ රජයේ සාමාන්‍ය අධිකරණ වලින් බවයි.

එමගින් භික්‍ෂූන් වහන්සේලාට සහ බුද්ධ ශාසනයට සිද්ධවන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සංඝ සමාජය මෙන්ම බෞද්ධ මහා සමාජයද අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ගිහි විනිශ්චයකාරයින් හා විවිධ මත දරන නීතිඥවරුන් ඉදිරියේ භික්ෂුත්වය හැල්ලුවට ලක්වීම, විනයානුකුල නොවන තීන්දු තීරණවලට අවනත වන්නට සිදු වීම, නීතිඥ ගාස්තු සඳහා විශාල වශයෙන් මුදල් වැයකිරීමට සිදු වීම හා විශාල කාලයක් වැයකිරීම වැනි දේ සිදුවන බවත් එමගින් ශාසනික පරිහානිය සිදුවන බවත් එම ලිපියේ සඳහන්.

මෙවන් කණගාටුදායක තත්වයකට භික්ෂුව පත් නොකර ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 105.4 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කලයුතු බවත්, එනම් ” භික්ෂූන වහන්සේලාගේ විනය හා සම්බන්ද කරන හා සම්බන්ධ වෙනයම් ආරවුලක් හෝ විනිශ්‍ය කොට සමථයකට පත්කිරීම සඳහා අධිකරණ, විනිශ්වය අධිකාර හෝ ආයතනය ඇතිකොට පිහිටුවීමට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැක්කේය.” යනුවෙන් සඳහන් කර ඇත.භික්‍ෂූන් වහන්සේලාගේ අධිකරණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට බලය ඉල්ලා විශේෂයෙන්ම ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ කාරක සංඝ සභාව දිගින් දිගටම කරුණු දක්වා ඇති බව එම ලිපියේ දැක්වෙයි. 


එලෙස භික්ෂූන් වහන්සේලා ඉල්ලාසිටින හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලසී ඇති නම් එක ක්‍රියාත්මක කිරීමේ ගැටළුවක් නොපවතින බව ජනාධිපති වරයාට පෙන්වාදෙන උන්වහන්සේ මේ සඳහා විශේෂ හා ක්‍ෂණික අවධානය යොමුකර දැනට කිසිදු සැලකිල්ලක් නොදක්වා තිබෙන එම 105.4 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කර උදාරවූ ශාසනික සේවාවට පියවර ගන්න ලෙස එම ලිපියෙන් උන්වහන්සේ ඉල්ලා සිටියි.

එම ලිපිය පහතින්,

hhhhhhh 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18