අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම හැකර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
කාශ් පටෙල්ගේ පෞද්ගලික විද්‍යුත් තැපෑලේ තිබූ ඡායාරූප මෙන්ම ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) තොරතුරු ද හැකර්වරුන් විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම හැකර් ප්‍රහාරයේ වගකීම ඉරානය සමඟ සබඳතා පවත්වන හැකර් කණ්ඩායමක් විසින් භාරගෙන ඇති බවටද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
“Handala Hack Team” නම් එම හැකර් කණ්ඩායම විසින්, කාශ් පටෙල්ගේ විද්‍යුත් තැපෑල හැක් කළ බවට ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහනක්ද යොදා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1













