38 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් රිච්මන්ඩ්වරුන්ට තියුණු ජයක්

38 වැනි වතාවට පැවැත්වුණු රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල, මහින්ද විද්‍යාලය අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය අද (327) ගාල්ල, ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල, මහින්ද විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 229ක් රැස්‌කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 230ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලය, කඩුලු 07ක් දැවීගොස් තරගයේ අවසන් පන්දුව තෙක් පිටියේ රැඳී සිටිමින්, අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් එම ඉලක්කය සපුරා ගත්තා.

රිච්මන්ඩ් විද්‍යාලීය ඉනිමේ නැංගුරම බවට පත් වූ අමීෂ රසාන්ජය පන්දු 87කට මුහුණුදෙමින් නොදැවී ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව 38 වැනි වතාවට පැවති රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල, මහින්ද විද්‍යාලය අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් රිච්මන්ඩ් විද්‍යාලය හිමිකර ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53