නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25% කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව හෙට (28) දිනයේ සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ.
එම සංගමය විසින් මීට පෙර බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණේ පවතින ආර්ථික තත්ත්වය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













