උත්සව සමය අරමුණු කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අප්‍රේල් 30 දක්වා වැටලීම්

එළඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් මාර්තු 20 වන දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මේ බව සඳහන් කළේ අද (27) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ දිනවල තොග ගබඩා, තොග රැස් කරන්නන්, ආනයනකරුවන්ගේ ගබඩා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළ ඔහු, ඔවුන් සතුව භාණ්ඩ පවතින ප්‍රමාණයන්, භාණ්ඩ සඟවා ගෙන තිබේද යන්න සම්බන්ධව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කර කරන බව පැවසුවා.

මීට අමතරව සිල්ලර වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් අසාධාරණයට පත්වීම වැළැක්වීම සඳහා මිල ප්‍රදර්ශනය කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදුකිරීම වැනි ක්‍රියාවන් මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු මෙහිදී සදහන් කළා.

එමෙන්ම කල් ඉකුත් වූ සහ කල් ඉකුත්වීමට ආසන්න භාණ්ඩ නැවත වෙළෙඳපොළට නිකුත් කිරීම් වැළැක්වීම් මෙන්ම වට්ටම් ලබාදෙමින් භාණ්ඩ අලෙවි කිරීමේ දී සූක්ෂම ලෙස පාරිභෝගිකයා රැවටීම් වැළැක්වීම සඳහා ද අවධානයක් යොමු කරමින් වැටලීම් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියා.

මැදපෙරදිග මතුව ඇති තත්ත්වය හමුවේ මෙරට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ පවතින භාණ්ඩ මිල වෙනස් කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් පෙළඹ ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ද පැවසූ ඔහු මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල..මෙන්න කැමරාවේ පටිගතවූ දර්ශන
01:14
Video thumbnail
ගමම සලිත කරමින් බඹරැහීකඩ සමූපකාරය අසලින් හමුවූ අභිරහස් නිසල සිරුර..
00:47
Video thumbnail
ගවයෝ ටික ගවයෝම පුනරුත්තාපනය කරනවා..අතුල රන්ජන් ජයලාල්ට දැම්ම සැර සත්තම
03:04
Video thumbnail
මුජිබුර් ගල් අඟුරු ගැන සැරටම කිව්ව කතාව..තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29