කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන අනෙක් ස්වාමීන්වහන්සේලාගේ ජීවිතත් අනතුරේ (වීඩියෝ)

කුමන ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි, කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේ නමක් අනපේක්ෂිත ලෙස ඊයේ (26) කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ මෙරටට වැඩම කර සිට ඇත්තේ චෙක් රාජ්‍යයේ සිටයි.

වයස අවුරුදු 40ක් වූ මෙම ස්වාමින් වහන්සේ කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයට වැඩම කර ඇත්තේ 2020 වසරේදීයි.

උන් වහන්සේ බඹරගස්තලාව අධිවිවේකී ගල්ලෙන තුළ වසරක පමණ කාලයක් වැඩසිටි බවයි වාර්තා වන්නේ.

මිනිස් වාසයෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගතකළ උන්වහන්සේ දානය සඳහා පමණක් ඉන් බාහිරට වැඩම කර තිබෙන අතර, උදෑසන එලෙස දානයට වැඩම නොකිරීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදි උන්වහන්සේ කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී ඇති බවට සොයාගැනීමට හැකිව තිබෙනවා.

උන්වහන්සේ මෙම අනපේක්ෂිත විපතට මුහුණ පා ඇත්තේ වැඩසිටි ගල්ලෙන තුළදීම බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කළේ, මෙම සිද්ධියෙන් අදාළ ආරණ්‍ය සේනාසනයේ රැඳී සිටින අනෙකුත් ස්වාමීන්වහන්සේලාගේ ජීවිතවලට ද අවදානමක් පවතින බවයි.

ඒ, අනුව එම ස්ථානයේ වැඩවසන අනෙකුත් ස්වාමීන් වහන්සේලා ද එම ස්ථානයෙන් ඉවත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

  1. කැලෑ වෙන් වැසීගිය කුඩුම්බිගල වන සෙනසුන සොයාගෙන භාවනා කිරීම් පටන් ගත්තේ තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ 1950 ස් ගනන්වල.විසිපස් වසරක් වන දිවි තොරතුරු නමින් උන්වහන්සේ පොතක් පලකලා.උන්වහන්සේ අපවත් උනේ නාඳුනන තුවක්කුකරුවකු ගෙ වෙඩි පහරකින්.මා සිතන්නේ වන සතකුගේ ප්‍රහාරයකින් හිමිනමක් අපවත් වූ පළමු අවස්ථාව මේ.

    • හරියට හරි. අපි වසර 2002 සිට වසරක් පාසා ආරණ්‍යට දානය දීමට යනවා. බඹරගස්තලාවටත් ගිහින් තියෙනවා. එහි ස්වාමීන්වහන්සේ නමක් වැඩ සිටින බව අපට දැනගන්නට ලැබුණා. දිනකට එක් වරක් දානය කුඩුම්බිගල ආරණ්‍යයෙන් රැගෙන යන බව කිව්ව. මගෙ මතකය අනුව පැය දෙකකට ආසන්න කාලයක් කැලය මැද්දෙන් දානය රැගෙන යන බවත් ඇතැම්විට ස්වාමීන් වහන්සේ ඉදිරියට වඩින බවත් ඇතැම්විට ධර්ම කරුණු කතාකරන බවත් දානය රැගෙන යන අය කිව්ව. ඒ මෙම ස්වාමීන් වහන්සේ නෙවෙයි. වසරකට පෙර මෙම ස්වාමින් වහන්සේ මෙහි වැඩි බවයි කියන්නෙ. කෙසේ හෝ උන්වහන්සේලා භාවනානුයෝගීව වැඩ ඉන්නෙ අද ඊයෙ නෙවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51