අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කරන ලෙස නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකුට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ, පිළිබඳ විමර්ශනය භාරදෙන ලෙස අද (26) දින අධිකරණයට කරුණු දැක්වූ සුරේෂ් සලේගේ නීතිඥයින් කරුණු දක්වමින් ඉල්ලා සිටියා.

එහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එම කරුණු සලකා බැලීමෙන් පසුව එලෙස නියෝගයක් ලබාදීම ප්‍රතික්ෂේප කළා.

ඔහු පෙන්වාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා මෙම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන ආරම්භක මොහොතේ සිට එම විමර්ශන මෙහෙයවු නිසා ඔහුව විමර්ෂනයෙන් ඉවත් කළහොත් එය යළි හැරවිය නොහැකි කරුණක් බවයි.

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඊට අදාළව කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ බවට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ පිළිබඳව චැනල් 4 නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අදාළ නඩුව අද (26)කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගයද නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51