දිවයිනට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති අදම ජනපති හමුවට

දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙන බවයි ජනාධි මාධ්‍ය අංශ සදහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දීර්ඝකාලින සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම, විශේෂයෙන්ම, ඉන්ධන සැපයුම, බලශක්ති සුරක්ෂිතතාව සහ දිගුකාලීන හවුල්කාරිත්වය සඳහා ඇති නව අවස්ථා පිළිබඳවද අවධානය යොමු කෙරෙන බවත් සඳහන්.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව අද (26) පෙරවරුවේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව පිළිබඳ අතිරේක ලේකම් එම්.ආර්.කේ. ලෙනගල සහ එහි යුරෝපය සහ උතුරු ඇමරිකාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න විසින් පිළිගනු ලැබුවා.

ගෝලීය වෙළෙඳපොළ තත්ත්ව වෙනස් වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටෙහි උත්සාහය මෙම සංචාරයෙන් පිළිබිඹු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14