පසුගිය වසරේ මැයි මස 19 වැනිදා, දෙහිවල පොලිස් වසමේ පැපිලියාන පාර, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී
පුද්ගලයෙක්ට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමේ අපරාධයට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන විමර්ශනයට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගනීම සඳහා පොලීය විසින් මහජනසාහය අපේක්ෂා කර තිබෙනවා.
මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමේ අපරාධයේ යතුරු පැදියයේ පැදිකරු වශයෙන් කටයුතු කළ සේනාරත්නගේ ධනංජය කෞෂල්‍ය පෙරේරා නම් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන අතර ඔහුගේ ස්ථිර පදිංචිය ලෙස පොලිසිය දැන්ව ඇත්තේ අංක 41/14, ඔබන් පෙදෙස, දෙහිවල නම් ලිපිනයයි.
සැකකරුගේ ඡායාරූපයක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමු කරන අතර, මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති / බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය – 071-8596065
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විර්මශන කාර්යාංශය – 0112809077එම සැකකරුගේ ඡායාරූපය පහතින්,














