මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ධීවරයින්ව මුලා කරනවා – නාවික හමුදාව කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ධීවර කර්මාන්තයේ නිරත පුද්ගලයන්ව මුලා කරමින් ඔවුන්ව මත්ද්‍රව්‍ය ජාවාරම වෙත සම්බන්ධ කර ගන්නා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පවසනවා.

ඔහු මේ සම්බන්ධව කියා සිටියේ, රටම එකට ජාතික මෙහෙයුම යටතේ මෙතෙක් අත්කර ගත් ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමාන්ඩර් බුද්ධික සම්පත් කියා සිටියේ, විවිධ වරප්‍රසාද සහ මුදල් ලබා දෙන බවට පවසමින් ධීවරයින්ව මත්ද්‍රව්‍ය ජාවාරම වෙත සම්බන්ධ කර ගත්තද, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ධීවරයින්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වනුයේ එලෙස දෙන බවට පැවසූ වරප්‍රසාද හෝ මුදල් ලබා දීමට කටයුතු කර නොමැති බවට අනාවරණය වූ බවයි.

එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හසු නොවී, ධිවර කර්මාන්තය පවත්වාගෙන යන ලෙස නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත්, ධිවර ප්‍රජාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21