කෝටි 10ක මත්ද්‍රව්‍ය ගමන් මලු තුළ සඟවා ගෙන ගිය දෙදෙනෙක් මාට්ටු

රුපියල් දස කෝටි හතලිස් හත් ලක්ෂ හැට දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , අද (26) අලුයම, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් වන අතර 25 හැවිරිදි එක් අයෙකු දොර , ජනෙල් රෙදි අලෙවි සැළක සේවකයෙක් බවත් අනෙක් ගුවන් මගියා 26 හැවිරිදි වියේ පසුවන රියැදුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 3203 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 05.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු 04 ක් තුළ, ව්‍යාජ පතුල් සකස් කර , ඒවා තුළ , මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 476 ක් , පැකැට් 12 ක් ලෙස සකස් කර, සගවා ගෙන පැමිණ තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02
Video thumbnail
කථානායකගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය වීමක් ගැන දොලවත්ත හෙළිකරයි
05:22
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25