අමෙරිකානු හමුදාවේ 82 වැනි ගුවන් මගී බලකායට අයත් දහසකට ආසන්න සෙබළුන් පිරිසක් ඉදිරි දින කිහිපයේ දී මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය කිහිපයක් විශ්වාසදායී ආරංචි මාර්ග කිහිපයක් උපුටා දක්වමින් වාර්තා කර තිබෙනවා.
උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හමුදා කඳවුරක ස්ථානගත කර සිටින මෙම 82 වැනි බලකායට ලෝකයේ ඕනෑම ස්ථානයකට පැය 18ක් තුළ ළඟා වීමේ හැකියාව මෙන්ම පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවත් පවතිනවා.
මීට අමතරව අමෙරිකානු මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයින් රැගත් නෞකා ද මැදපෙරදිග කලාපයට මෙම සතිය ඇතුළත ලඟා වීමට නියමිත බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා පලකළා.
මෙම තත්ත්වයන් මත ඉරානය තුළ කිසියම් ගොඩබිම් මෙහෙයුමක් සඳහා අමෙරිකානු හමුදා සූදානම් වන බවත් යුද විශ්ලේෂකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.













