ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි ප්‍රබල කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, ඩොලර් බිලියන 1.63කට අලෙවි වී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යවසායකයෙක් වන කල් සෝමානි නායකත්වය දෙන ආයතනයක් විසින් මෙලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමක් විසින් මිලදී ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර
ඇත්තේ.
කෙසේ වෙතත් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ සහ ඊට ඉහළ ක්‍රිකට් පරිපාලනයේ කිසිඳු වෙනසක් සිදුව නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් කිසිඳු පාර්ශවයක් විසින් මේ වන තෙක් නිකුත් කර නැහැ.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
1
+1
+1
1
+1













