බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.
මෙම විශේෂඥ කමිටුවේ සභාපතිත්වය හාන්ස් විජේසූරිය පත්කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
ජාතික ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ප්‍රතිඵල ලබාදීමේ රාමු එකිනෙකට අනුකූල වන පරිදි බල ශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වන රාමුව සකස් කිරීම පිණිස මෙම කමිටුව පත්කර තිබෙනවා.
අදාළ විශේෂඥ කමිටුව පත් කිරීම සම්බන්ධයෙන්වන යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.
එම විශේෂඥ කමිටුව වන්නේ,
ආචාර්ය හාන්ස් විජේසූරිය – සභාපති
දුමින්ද හුලංගමුව
ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන
ඩී.ජේ රාජකරුණා – තෙල් සංස්ථාවේ සභාපති
මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර
ඉංජිනේරු පුබුදු නිරෝෂන හැඩිගල්ල
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලේකම්
බලශක්ති අමාත්‍යාංශය ලේකම්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලේකම්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම්
කර්මාන්ත ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ලේකම්













