ඉරානයේ ප්‍රකාශයත් සමඟ බොරතෙල් මිල යළිත් ඩොලර් 100 ඉක්මවයි

ඊයේ (23) දිනයේ පහත වැටීමෙන් පසු බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 100ට වඩා යළි ඉහළ ගොස් තිබෙනවා.

අද (24) උදෑසනවන විට ආසියාවේ බොරතෙල් මිල 3.75% කින් ඉහළ ගොස් ඩොලර් 103.69ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම ඇමරිකාවේ නයිමෙක්ස් ලයිට් ස්වීට් බොරතෙල් මිල 3.42% කින් ඉහළ ගොස් තෙල් බැරලයක මිල ඩොලර් 91.55ක් ලෙස දැක්වුණා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ඉරානයට එල්ල කරන නව ප්‍රහාර ප්‍රමාද කරන බවට ඊයේ (24) දිනයේ සිදුකළ ප්‍රකාශයෙන් පසු එතෙක් ඉහළ අගයක පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 10% කට වඩා පහත ගියා.

කෙසේ වෙතත් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කළ බවට ටෙහෙරානය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙලෙස යළිත් බොරතෙල් මිලේ ඉහළයාමක් පෙන්නමු කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
13
+1
1
+1
4
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09