කුඹුරට ගිනි තැබූ ගොවියා එම ගින්නටම පිළිස්සී මිය ගිහින්

වීරවිල පොලිස් වසමේ ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසු වී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම, ගඟසිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 63ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා විසින් තමාට අයත් කුඹුරේ තිබූ පිදුරු ගිනිතබා ඇති අතර, එම ගින්න අවට කුඹුරු යාය වෙත පැතිරීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ගින්නට හසුව පිළිස්සී ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වීරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බිල්ලට දීලා කාදිනල්ගේ හිත සතුටු කරන්න හදනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ
09:35
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49