තැපැල් ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදුකිරීමට තීරණයක්

ඉන්ධන අර්බුය හේතුවෙන් තැපැල් දෙපාර්තමෙන්තුවේ මෙහෙයුම් කටයුතුවලට බරපතළ ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.

ඒ, අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි ඔහු අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණ කිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව මේ වන විට තැපැල් පරිපාලනය විසින් තීරණය කර ඇත්තේ දිවයින පුරා තැපැල් හුවමාරු කිරීම් දිනක් හැර දිනක් සිදු කිරීමටත් සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහනය නතර කිරීමටත් බවයි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කර සිටියේ.

මේ හේතුවෙ තැපැල් ප්‍රවාහනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි ඔහු දැනුම් දුන්නේ.

එමෙන්ම දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සතියේ සෑම බදාදා සහ ඉරිදා දිනයන්වල දී වසා තැබෙන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31