QR ක්‍රමවේදයට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

QR කේතය යටතේ නිකුත් ක‍රන ලබන ඉන්ධන ප්‍රමාණය අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ සඳහා මීට පෙර QR කේතය යටතේ දින හතක සඳහා ලීටර් 15ක් ලබා දුන් අතර අද (21) මධ්‍යම රාත්‍රියේ සිට එය ලීටර් 25යක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ත්‍රිරෝද රථ සඳහා මීට පෙර ලීටර් 15ක් ව පැවති අතර අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 20ක් ලබා දීමට නියමිතයි.

වෑන් රථ සඳහා මීට පෙර ලීටර් 40ක් ලබා දුන් අතර අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 50ක් ලබා දෙනවා.

කෙසේ වෙතත් ලොරි රථසඳහා ලීටර් 200ක් ලබා දුන් අතර එම ප්‍රමාණයේ වෙනසක් සිදුකර නැහැ.

යතුරු පැදි සඳහා මීට පෙර ලීටර් 05ක ඉන්ධන ලබා දුන් අතර අද දිනයේ සිට එය ලීටර් 08ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව බස් රථ සඳහා පෙර පැවති ලීටර් 60, අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 100ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

Quadricycle සඳහා මීට පෙර ලීටර් 05ක්ව පැවති අතර අද (21) මධ්‍යම රාත්‍රියේ සිට 08ක් නිකුත් කරනවා.

එමෙන්ම ඉඩම් වාහන සඳහා මීට පෙර ලීටර් 25ක් පමණක් නිකුත් කළ අතර අද (21) මධ්‍යම රාත්‍රියේ සිට එම වහාන සඳහා ලීටර් 40ක් නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21