ඉන්දියානු සාගරයේ ඇමරිකානු කඳවුරකට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් ඉන්දියානු සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරනවා.

චාගෝස් දූපත්වල ඩියාගෝ ගාර්ෂියා හි එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ඒකාබද්ධ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් මෙලෙස බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වාර්තා අනුව ඉන් එක් මිසයිලයක් පියාසර කිරීමේ දී විනාශ වී ගොස් ඇති අතර, අනෙක් මිසයිලය
එක්සත් ජනපද යුද නෞකාවක් විසින් විනාශ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දෙවන මිසයිලය සාර්ථකව විනාශ කළේ ද යන්න තවමත් අනාවරණය වී නැහැ.

ඉරාන භූමියේ සිට කිලෝමීටර 4,000 ක් පමණ දුරින් චාගෝස් දූපත් පිහිටා ඇති අතර, මෙතරම් විශාල දුරකින් පිහිටි ස්ථානයක් ඉරානය ඉලක්ක කර ගැනීම තුළින් අදහස් වන්නේ ඉරානයට යුරෝපයේ කඳවුරු ඉලක්ක කිරීමට හැකියාවක් පවතින බවයි.

ඩියාගෝ ගාර්ෂියා යනු මධ්‍යම ඉන්දියානු සාගරයේ උපායමාර්ගිකව පිහිටා ඇති දූපතක් වන අතර එය එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රධාන හමුදා පහසුකම් සපයන ස්ථානයක්.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙන්ටගනය තවමත් කිසිවක් පවසා නැහැ.

ඩියාගෝ ගාර්ෂියා කඳවුර ඇෆ්ගනිස්ථානයට සහ ඉරාකයට බෝම්බ හෙලීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ඇමරිකානු හමුදාව විසින් මීට පෙර භාවිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
5
+1
4
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45