ඉන්ධන නිකුත් කිරීමේ දී විදේශීය සංචාරකයින්ට ප්‍රමුඛත්වය

ඉන්ධන නිකුත් කිරීමේ දී විදේශීය සංචාරකයින්ට ප්‍රමුඛත්වය ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ හැඳුනුම්පත් ලේඛන ඉදිරිපත් කරන සංචාරකයින්ට ඉන්ධන පිරවුම්හල්වල දී ප්‍රමුඛතාවය ලබාදෙන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ.

සංචාරක අංශයට සහාය වීම සහ විදේශීය සංචාරකයින්ගේ පහසුව සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ක්‍රියාත්මක කිරීමට රට පුරා සියලුම පිරවුම්හල්වලට උපදෙස් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted