හෝර්මුස් හරහා ගමන් කිරීමට ජපාන නැව්වලට උදව් කිරීමට ඉරානය සැරසෙයි

ජපන් නැව්වලට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය උදව් කිරීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබෙනවා.

ජපානයේ කියෝඩෝ ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමිනුයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ජපන් නැව්වලට පවතින අවහිර කිරීම තාවකාලිකව ඉවත් කිරීමේ අරමුණින් ජපන් පාර්ශ්වය සමඟ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් ජපන් රජයේ නිලධාරියෙක් කියෝඩෝට පැවසුවේ “ඉරාන පාර්ශවය සමඟ සෘජු සාකච්ඡා යනු අවහිරය ඉවත් කිරීමට වඩාත්ම ඵලදායී ක්‍රමය” බවයි.

එක්සත් ජනපදය කුපිත නොකිරීමට උපරිම සැලකිල්ලක් දැක්විය යුතු බවත්, ජපන් යාත්‍රා හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර දුන්නද, එය පවතින බලශක්ති අර්බුදය විසඳන්නේ නැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

අරගාචිගේ ප්‍රකාශය පිටුපස ඇති “සැබෑ අභිප්‍රාය” ප්‍රවේශමෙන් තක්සේරු කළ යුතු බවයි ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16