සුජීව සේනසිංහගේ පෙත්සමේ තීන්දුව දින නියමයක් නොමැතිව කල් තබයි

අනීතික ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විමර්ශනය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

එම පෙත්සම අද (20) ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර සුජිව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අනීතික ලෙස ලබාගත් අධිකරණ නියෝග මත වග උත්තරකාර පොලිසිය විසින් මෙම විමර්ශනය සිදුකර තිබෙන බව චෝදනා කළා.

මෙම විමර්ශනවලදී පොලිසිය විසින් නීතිය මගින් නියම කර තිබෙන නිසි ක්‍රියා පාටිපාටිය අනුගමනය නොකොට සිය සේවාදායකයාගේ මැතිවරණ ව්‍යාපාරයට හානි සිදු කිරීමේ අරමුණින් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර තිබෙනවා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

පොලිසිය සියලු විමර්ශන සිදු කර තිබෙන්නේ නීතියට අනුකූලව බවද ඇය සදහන් කළා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය අවසන් කරමින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නැතිව කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37