ඉරාන යුද නෞකාවට මෙරටට පැමිණීමට අවසර ලබානොදුන්නේ මධ්‍යස්ථ භාවය රැකගන්න – ජනපති අනුර (වීඩියෝ)

ඉරාන හමුදාවට අයත් යුද නෞකාවට (අයිරිස් ඩෙනා) ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදුන්නේ මධ්‍යස්ථ භාවය ආරක්ෂා කිරීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අදාළ ඉරාන නෞකාව මාර්තු 09 සහ 13 යන දිනවල දී මෙරටට පැමිණීමට අවසර ඉල්ලා පෙරබවාරි 26 වනදින ඉල්ලීමක් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා, එදිනම පස්වරුවේ ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද ගුවන් යාන දෙකක් මත්තල ගුවන් තොටුපොළට පැමිණීමට අවසර ඉල්ලා ඉල්ලීමක් ලැබුණු බවයි පැවසුවේ.

මාර්තු මස 04 – 08 අලය තුළ එම යුද ගුවන් යාන දෙක මත්තල ගුවන් තොටුපොළේ නවතා තැබීමට අවසර ඉල්ලා සිටි බවයි ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී අනවරණය කළේ.

කෙසේ වෙතත් යුද ගැටුම් පිළිබදව සංඥා මතුව තිබූ පසුබිමක එම ඉල්ලීම් දෙකටම අවසර ලබා නොදී මධ්‍යස්ථ භාවය රැකගෙන කටයුතු කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40