කාත්තන්කුඩි නගරයේ දී යාචක කණ්ඩායම් දෙකක් අතර ඊයේ (19) රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබෙනවා.
මෙම ගැටුමෙන් දෙදෙනෙක් තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි කාත්තන්කුඩි පොලිසිය පැවසුවේ.
ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය සමයේ දී වෙනත් ප්‍රදේශවලින් යාචකයින් විශාල පිරිසක් කාත්තන්කුඩි නරගයට පැමිණෙන අතර, එලෙස පැමිණ සිටි යාචකයින් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස ගැටුමට සම්බන්ධ වී ඇති යාචකයින් බීමතින් සිටි බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් කාත්තන්කුඩි පොලිසියේ ද සහාය ඇතිව ගිලන් රථයකින් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
6
+1
+1
+1
+1













