මැදපෙරදිග මතුව තිබෙනවා යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ ගොස් තිබුණා.
එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (19) ඩොලර් 115 සීමාව ඉක්මවා ගියා.
මේ අතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (20) දිනයේ ඩොලර් 93.43ක් දක්වා අඩුවී තිබෙනවා.
WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (19) ඩොලර් 100 ඉක්මවා ගොස් තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
1
+1













