වියට්නාම් තානාපතිනිය, ජවිපෙ ලේකම් ටිල්වින්ව හමුවෙයි

වියට්නාම් ‍තානාපති ට්‍රින් ති ටම් (Trinh Thi Tam) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා අතර හමුවක් ඊයේ (18) පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුවුණා.

ඒ පසුගිය 2026 ජනවාරි 20 වන දින සිට 23 වන දින දක්වා වියට්නාමයේ හැනොයිල් නුවර දී පැවැත්වුණ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14වන ජාතික සමුළුවේදී ලබාගත් තීරණ සහ ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් කිරීම සඳහායි.

එහිදී තානාපති ට්‍රින් ති ටම් විසින් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වැනි ජාතික සමුළුවේ සුවිශේෂීතා සහ වැදගත්කම පැහැදිලි කරනු ලැබුවා.

මෙම ජාතික සමළුවේදී වියට්නාම් කොම්යුනිස්ට් පක්ෂය සහ වියට්නාමය වෙනුවෙන් 2026 සිට 2030 වර්ෂය සඳහා ඉලක්ක සම්පාදනය කළ බවත් 2035 වර්ෂය සහ 2045 වර්ෂය වෙනුවෙන් දීර්ඝ කාලීන ඉලක්කයන් දෙකකට රට මෙහෙයවීමට එකඟතාවය පළ වූ බවත් පෙන්වා දෙනු ලැබුවා.

එසේම වර්තමානයේ මතුව ඇති මැද පෙරදිග ගැටුම් සහ ගෝලීය අර්බුදය හමුවේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක එම තත්වයන්ට මුහුණ දීමට සූදානම් වන ආකාරය සම්බන්ධයෙනුත් අදහස් හුවමාරු කර ගත්තා.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් 14වන ජාතික සමළුවේදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස නැවතත් එම ධුරයට පත් වූ ටූ ලාම්ට සහ පත්වූ මධ්‍යම කාරක සභාවට ඉදිරි කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සුබ පැතුම් එකතු කිරීමද සිදුකරනු ලැබුවා.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාශිනී යන අයද, වියට්නාම සමාජවාදී සමූහාණ්ඩුව නියෝජනය කරමින් මෙරට වියට්නාම් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙ වැන් හුවොං (Le Van Huong), පළමු ලේකම් නුයෙන් වැන් බින් (Nguyen Van Binh) තානාපතිවරියගේ ලේකම් රම්යා නිලංගනී එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27