ලක්ෂ පනස් හතක් වටිනා චීන දුම්වැටි තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පනස් හතක් වටිනා, චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙක්අද (19) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් චීන ජාතික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙක් .

ඔවුන් අද දින අලුයම 12.30ට චීනයේ චෙන්ඩු නුවර සිට චීන ගුවන් සේවයේ ( Air China ) සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 190 ක් සගවා ගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !