ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයාවත් අවසන් ගමන් යැවූ බවට ඊශ්‍රායලය කියයි

ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත්, ඉරානය විසින් මේ වන තෙක් කාතිබ්ගේ මරණය මේ වන තෙක් තහවුරු කර නැහැ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අතිරේක අනුමැතියකින් තොරව, ඉලක්ක කරගත් ඕනෑම ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මරා දැමීමට ඊශ්‍රායල හමුදාවට නිදහස ලබා දී ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.