රුපියල් දස කෝටි පනස් පන් ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් අද (18) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මොවුන් අතරින් එක් අයෙක් 20 හැවිරිදි වියේ පසුවන, හක්මණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.
අනෙක් ගුවන් මගියා 22 හැවිරිදි, අගුණකොළපැළැස්ස ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක්.
ඔවුන් දෙදෙනා අද අලුයම 01.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , ව්‍යාජ පතුළ්වල, මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 552 ක ප්‍රමාණය, පැකැට් 08 කට අසුරා, සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා අද (18) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැදවුම් නියෝග ලබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.



