ආසියාවම රනින් බැබලූ රන්සිළු ජයතිලක මව්බිමට

ලොව විශාලතම කායවර්ධන සහ සවි එසවීමේ තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති 38 වන “ආර්නෝල්ඩ් ක්ලැසික් ස්පෝට්ස් ” ( Arnold Classic Sports ) තරගාවලියට ආසියානූ මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වූ , ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක , එහිදී රන් පදක්කම් දෙකක් සහ ” ප්‍රෝ ” ඉසවේ බද පටිය ද දිනා ගෙන අද (18) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය සුදුසුකම් සපුරා ඇති ලෝකයේ රටවල් 10 ක ක්‍රීඩකයින් පමණක් සහභාගී වූ අතර , එය ඉකුත් 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ඇමෙරිකාවේ ඔහියෝ නුවර පවත්වා තිබුණා.

මෙම තරගාවලියට සමස්ථ ආසියානූ මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සුදුසුකම් ලබා ගත්තා.

එහිදී ” ඩෙඩ් ලිෆ්ට් ” ඉසව්වෙන් තරග කළ රන්සිළු , කිලෝ ග්‍රෑම් 320 ක් ඔසවමින් ඇමෙරිකානු ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එසේම මෙම තරගාවලියේ පැවති ” සවි එසවීමේ ” ( Power Lifting ) ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 720 ක් ඔසවමින් මැක්සිකානු ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට රන්සිළු සමත් වී තිබුණා.

එම ජයග්‍රහණයන් දෙකත් සමග රන්සිළු ජයතිලක වෙත ” ප්‍රෝ ” බද පටිය දිනා ගැනීමට අවස්ථාව හිමි වුණා .

මෙවන් උසස් ජයග්‍රහණයන් ශ්‍රී ලාංකික සවිඑසවීමේ ක්‍රීඩකයෙකු හිමි කර ගත් පළමු අවස්ථාව මෙය වනවා.

          මෙම තරගාවලිය නැරඹීම සදහා ලක්ෂ දෙකකට වැඩි නරඹන්නන් පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46