ලංකාවට එන යන සංචාරකයින්ට විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම මත, මෙරටින් පිටත් වීම සඳහා සූදානම්ව සිටින විදෙස් සංචාරකයින්ට මෙරට රැඳී සිටීම සඳහා අවශ්‍ය වීසා කාලය තවත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

ඒ අනුව මීට පෙර සති දෙකකින් දීර්ඝ කළ එම අමතර වීසා කාලය තවත් සති දෙකකින් දීර්ඝ කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් වෙනත් රටවල්වල රැඳී සිටින සංචාරකයින් සඳහාද මෙරරට අදාළ වීසා කාලය මසකින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

එමනේම සංචාරකයින් ප්‍රවාහන සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම සඳහා ද රජය විසින් සුවිශේෂී වැඩපිළිවෙලක් ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සේවා සැපයුම්කරුවන්ට විශේෂිත QR ක්‍රමයක් ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලියාපදිංචිය සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46