ඉරානයට එරෙහි යුද්ධය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවලට බැණ වැදී ඇති බව වාර්තා වනවා.
අසත්‍ය තොරතුරු පතුරුවන ආයතනවලට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල කරන ලෙස ඔහු ඉල්ලා සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
Truth සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමරිකානු මාධ්‍ය ඉරානය විසින් හසුරුවන බවට චෝදනා කර ඇති අතර, එමෙන්ම අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා AI භාවිත කරන බවත් ඔහු චෝදනා කරනවා.
මේ අතර වැරදි තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආයතනවල විකාශන බලපත්‍ර සමාලෝචනය කරන බව එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති බ්‍රෙන්ඩන් කාර් ප්‍රකාශ කර ඇති අතර, එම තීරණය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය හිමිව තිබෙනවා.
.



