මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්වය හේතුවෙන් අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතු වී ඇති තත්වයන් පිළිබඳව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී සාකච්ඡාවේදී සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙනය යාම පිළිබඳ විශේෂ අවධානය යොමුව ඇති අතර ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම කෘෂි කර්මාන්ත, ධීවර හා කර්මාන්ත අංශයන්හි ඉන්ධන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.
අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් පවතින තත්වය හමුවේ පවත්වාගෙන යා යුතු අකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.













