ශ්‍රීපාද වන්දනාවේ පැමිණ සිදුවූ අනතුරේ රියදුරු මත්ද්‍රව්‍ය භාවිතාකර ඉඳලා – පොලිසිය

නල්ලතන්නියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (13) දිනයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපතයෙන් වූ මාර්ගයකට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම මෝටර් රථයේ රියදුරා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු සිදු කළ වෛද්‍ය පරික්ෂණයකදී මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය භාවිතා කර මෝටර් රථය
ධාවනය කර ඇති බව තහවුරු වු බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

එම මෝටර් රථයේ ගමන්ගත් රියදුරා, කාන්තාවක් ඇතුළු තිදෙනෙක් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බවත් ඉන් රියදුරා පමණක් තව දුරටත් දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, ඔහු රෝහලේ බැහැර විමෙන් පසු අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය භාවිතා කල මෝටර් රථය ධාවනය කිරිම සහ අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරිම යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි නෝර්වුඩ් පොලිසියේ වැඩිදුරටත් සඳහන් කළේ.

පෙරේදා පස්වරු 04:30ට පමණ එම අනතුර සිදු වී තිබුණේ හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ නෝර්වුඩ් රෝක්වුඩ් ප්‍රදේශයේදියි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑළිය දක්වා මෝටර් රථය ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට නින්දයෑමත් සමග මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන රෝක්වුඩ් වතුයායට පිවිසෙන මාර්ගයට පෙරළී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මෝටර් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !