මත් ජාවාරම් සැමියාගෙන් ලැබුණු ලක්ෂ 150ක වාහනය සහ ලක්ෂ 400 නිවස ක්‍රියා විරහිත කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ බිරිදගේ නමින් මිලදීගෙන තිබූ රුපියල් ලක්ෂ 155 ක් වටිනා කාර් රථයක් සඳහා මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත්කර තිබුණු බව පොලිසිය පවසනවා.

අනතුරුව කොළඹ මහාධිකරණය මගින් එම නියෝගය දීර්ඝ කර ඇති බවයි පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඔපවස්න්නේ.

ඉහත සැකකාරියද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එම සැකකාරියගේ නමින් මිලදීගෙන ඇති ජාඇල පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 400ක් පමණ වටිනා තෙමහල් නිවසක් සහිත ඉඩමක්ද ඊයේ (13) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත්කර තිබෙනවා.

නීති විරෝධීවත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46