මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බවට සැක දේපළ තොගයක් සමඟ සැකකාරියක් මාට්ටු

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලකට අදාලව ඊයේ (13) දින රාත්‍රී කාලයේදී මහවිල, පානදුර ප්‍රදේශයේදී නිවසක් වටලා සෝදිසි කර එම නිවසේ තිබූ උපයාගත් ආකාරය සනාථ කල නොහැකි මුදල් සහ දේපළ සමඟ සැකකාරියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මුදලින් රුපියල් 978060 (නවලක්ෂ හැත්තෑ අට දහස් හැටක්), රන් පැහැති වළලු 02 ක්, රන් පැහැති සුර 02 ක්, පෙන්ඩන්ට් සහිත රන් මාල 01 ක්, රන් මුදු 01 ක්, රන් අත් පළඳනා 02ක් සහ කැරවන් වර්ගයේ වෑන් රථ 01ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය වයස අවුරුදු 55 ක් වන මහවිල, පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22