ගුරු – දෙමාපිය, කඹ ඇදිල්ලෙන් හම්බන්තොට පාසලක සිසුන්ගේ අධ්‍යාපනය බිඳවැටේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාරපේරිය කණිටු විදුහලේ ගුරුවරුන්, දෛනිකව පාසල ආරම්භ කරන නියමිත වෙලාවට නොපැමිණීම නිසා ඇති වූ තත්ත්වයක් මත එම විදුහල අධ්‍යාපන කටයුතු බිඳ වැටී ඇති බව වාර්තාවනවා.

තාරපේරිය කණිටු විදුහලේ පාසල් සිසුන් 50 දෙනෙක් අධ්‍යාපනය ලබන අතර එම පාසලේ ගුරුවරුන් 14 දෙනෙක් සේවය කරනවා.

මේ අතර එම පාසලේ ගුරුවරුන් දෛනිකව පාසලට ප්‍රමාද වී පැමිණෙන බවට චෝදනා කරමින් සිසුන්ගේ දෙමවුපියන් සහ ගම්වාසීන් කිහිපදෙනෙක් එක්ව පෙරේදා (11) දිනයේ දී පාසලේ ගේට්ටුව වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරුන් විසින් ඕකවෙල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඊයේ (12) දිනයේ දී ලෙඩ නිවාඩු වාර්තා කර පාසලට පපැමිණ තිබුණේ නැහැ.

එමෙන්ම ගුරුවරුන් අද (13) දිනයේ දී ද පාසලට නොපැමිණීම නිසා පාසලට වෙත පැමිණි දරුවන් යළි නිවෙස් වෙත රැගෙන යාමට දෙමවුපියන් කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46