“ආර්ථික අවේක්ෂණ කමිටුව” ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා.

මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු වන තෙල් මිල ඉහළ යාම, නාවික සැපයුම්වල බාධා ඇති වීම සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට ඇති වී තිබෙන අපහසුතා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අයහපත් බලපෑම් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ මෙරට වෙළෙඳපොළ ස්ථාවර කිරීමට සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
.
එමෙන්ම, පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු සමාලෝචනයට ලක් කිරීමද මෙහිදී සිදු වුණා.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) රසල් අපොන්සු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති චන්න ගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, නියෝජ්‍ය මහ බැංකු අධිපති සී.අමරසේකර, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) දර්ශන එම්. පෙරේරා යන මෙම පිරිස අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40