ඉරාන නෞකාවේ සිට මියගිය 45 දෙනෙකුගේ සිරුරු අද ඉරානයට

ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඇමරිකානු සබ්මැරිනයන විසින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයෙන් විනාශ වූ
අයිරිස් ඩෙනා නෞකාවේ සිට ජීවිතක්ෂයට පත් වූ ඉරාන නාවිකයින් 84 දෙනාගෙන් 45 දෙනෙකුගේ මළ සිරුරු අද (13) ඉරානයට යැවීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව කරාපිටිය රෝහලේ අධි ශීතාගාර දෙකක තැන්පත් කර තිබූ සිරුරු 45ක් ඉරානය වෙත යැවීමට නියමිත බවයි වාර්තා වුණේ.

එම මළ සිරුරු මේ වනවිට මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර අනෙක් මළ සිරුරු 35 බොහෝ විට හෙට (14) දිනයේ දී ඉරානය වෙත රැගෙන යනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගාල්ලේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරකින් නවතා තිබිය දී අයිරිස් ඩෙනා නෞකාවට පසුගිය 04 වනදා මෙම ඇමරිකානු ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් මියගිය 84 දෙනෙකුගේ සිරුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගත්තා.

නෞකාවේ සිටි තවත් නාවිකයින් 32 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කළ අතර, එලෙස බේරාගත් ඔවුන්ව ප්‍රතිකාර ඇතුළත් කෙරුනේ කරාපිටිය රෝහලටයි.