පසුගිය 03 වන දින මොරටුමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර මෘත ශරීරය ත්‍රීරෝද රථයක දමා මොරටුව පොලිස් වසමට ගෙනවිත් දැමීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (11) සවස පිටකොටුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 38 හා 49 වයස්වල පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



