කොත්තු මිල රු. 25කින් සහ කෙටි ආහාර මිල රු. 10කින් ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් සංශෝධන කරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙනවා.

ඒ අනුව, කෙටි ආහාර රුපියල් 10කින්, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් සහ බත්, කොත්තු ආහාර රුපියල් 25කින් මිල ඉහළ නංවන බවයි එම සංගමයේ පවසන්නේ.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !