නේපාලයේ නව අගමැතිට මෝදිගෙන් සුබ පැතුම්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නේපාලයේ ජාතික ස්වාධීන පක්ෂයේ (RSP) නායකයින්ට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

ආර්එස්පී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඒ අනුව නේපාලයට නායකත්වය දීමට නියමිත රැප් ගායකයෙකු සිට දේශපාලනඥයෙකු වූ බාලේන්ද්‍ර ෂා සමඟ “උණුසුම් දුරකථන සංවාද” පැවැත්වූ බව මෝදි පැවසුවා.

නිවේදනයකට අනුව, මෝඩි ආර්එස්පී සභාපති රබී ලැමිචේන් සමඟ ද කතා කළ අතර, නායකයින් දෙදෙනාටම මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

“නව රජය පිහිටුවීම සඳහා මගේ සුභ පැතුම් පිරිනැමූ අතර, බෙදාගත් ප්‍රගතිය, සමෘද්ධිය සහ ජනතාවගේ සුභසාධනය සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජයේ කැපවීම නැවත තහවුරු කළෙමි.” මෝදි X සටහනක් තබමින් පැවසුවා.

දෙරටේ ඒකාබද්ධ උත්සාහයන් තුළින් ඉදිරි වසරවලදී ඉන්දියාව සහ නේපාලය අතර සබඳතා ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා.

තරුණ අරගලයෙන් පසු නේපාලයේ පැවති පළමු මැතිවරණයේ දී දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ස්වාධීන පක්ෂය සෘජු ඡන්දයෙන් ආසන 125ක් සහ සමානුපාතික නියෝජන ක්‍රමයෙන් ආසන 58ක් දිනාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40