පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි

ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගනු ලැබූ තීරණයත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සඳහන් කළේ, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බවයි.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ නැංවීමට සංස්ථාව කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !