දකුණු මුහුදෙන් ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 100ට වැඩි ප්‍රමාණයක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගනු ලැබුවා.

එලෙස නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (08) දික්ඕවිට වරායට රැගෙන ආවා.

එලෙස රැගෙන ආ ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සල් 92ක් හමුවූ බව පොලිසිය සඳහන් කළා.

එම පාර්සල් තුළ තිබූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 103.28ක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.

ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900කට ආසන්න ප්‍රමාණයක්ද එහි තිබී සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !