ඉරාන යුද නෞකාවක් කොචින් වරායට ඇතුළු කර ගැනීමට ඉන්දීය බලධාරීන්ගේ අනුමැතිය

ඉරාන යුද නෞකාවක් වන අයිරිස් ඩෙනා ඉන්දියානු සාගරයේ ගිල්වීමට දින කිහිපයකට පෙර, ඉන්දීය රජය දෙවන ඉරාන නාවික නෞකාවක් කොචි හි නාවික කඳවුරේ නැංගුරම් ලෑමට අවසර දුන් බව NDTV පුවත් සේවය වාර්තා කරනවා.

ඉන්දියානු ප්‍රවෘත්ති ආයතනයට අනුව, ඉරානයේ නෞකාවක් වන IRIS Lavan, MILAN බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහ ජාත්‍යන්තර නාවික බලඇණි සමාලෝචනයට සහභාගී වීමෙන් පසු ඉන්දීය සාගර කලාපයේ රැඳී සිට තිබෙනවා.

පෙබරවාරි 28 වන දින, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ආතතීන් උත්සන්න වූ විට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය වාර්තාවීමත් සමඟ ටෙහෙරානය නවදිල්ලියෙන් ලාවන් නෞකාවට ඉන්දියානු වරායකට “ඇතුළත් වීමට” අවසර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියානු බලධාරීන් මාර්තු 01 වන දින ඉල්ලීම අනුමත කර ඇති අතර, පසුව අයිරිස් ලාවන්, කොචි හි නැංගුරම් ලා තිබෙනවා.

අයිරිස් ලවන් නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 183 දෙනා මේ වනවිට කොචි ප්‍රදේශයේ නාවික පහසුකම්වල නවාතැන් ගෙන සිටින බව NDTV ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයකට ඉරාන නෞකා තුනක් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වූ අතර, ඉන් අයිරිස් ඩෙනා නෞකාව පසුගිය 04 වනදා ඇමරිකානු සබ්මැරින් ප්‍රහාරයකින් විනාශ වී ගියේ ගාල්ලට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් වූ මුහුදු තීරයේදීයි.

එම නෞකාවේ සිටි නාවිකයින් 34 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ අතර, එහි සිටි තවත් 84 දෙනෙකුටේ මළ සිරුරු සොයා ගැනුණා.

මේ අතර අනෙක් ඉරාන යුද නෞකාව වන අයිරිස් බුෂෙහර් නෞකාව මෙරට මුහුදු සීමාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය පෙරේදා තීරණය කළ අතර, ඒ අනුව එම නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට රැගෙන එමටයි කටයුතු කර තිබුණේ.

අයිරිස් බුෂෙහර් නෞකාව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
7
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29