බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක් – නිවස වැඩිහිටි නිවාසයකට කුලියට දීලා

මේ වනවිට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර නැමැත්තාගේ බිරිඳට අයත් බව කියන ජා ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (07) අලුයම් කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩිතැබීමේ දී වෙඩික්කරුවන් විසින් අසල පිහිටි තවත් නිවාස දෙකකට ද වෙඩිතබා පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමරගේ බිරිඳ පදිංචිව සිටි නිවසට මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, ඇය මේ වනවිට ඩුබායි රැඳී සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඇයගේ මෙම නිවස දැනට මාස 02ක පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව කුලී පදනම මත ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අද (07) අලුයම් කාලයේ මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම නිවසේ වැඩිහිටියන් 09 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් සිව්දෙනෙකු සිට ඇති බව ද වාර්තා වනවා.

මෙම නිවසට මීට පෙර අවස්ථා දෙකක දී වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43