‘අයිරිස් බුෂෙහර්’ යුද නෞකාවේ සිටි 204 දෙනෙක් කොළඹ වරායට

මෙරට මුහුදු සීමාවට ආසන්නයේ නවතාගෙන සිටි ‘අයිරිස් බුෂෙහර්’ ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින් 204 දෙනෙකු කොළඹ වරාය වෙත මේ වනවිටත් රැගෙනවිත් තිබෙනවා.

එලෙස නෞකාවේ සිට මුදාගත් පිරිස වැලිසර නාවුක හමුදා කඳවුර වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර නෞකාව අද (06) ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

‘අයිරිස් බුෂෙහර්’ ඉරාන යුද නෞකාව ඉන්දියාවේ පැවති බහු­පා­ර්ශ්වික නාවික අභ්‍යා­ස­යට සහභාගීව යළි ඉරානය බලා ගමන් කරමින් සිටිය දී එම නෞකාවේ එන්ජිමක දෝෂයක් හටගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !