අයිරිස් ඩෙනා නෞකාව එල්ල වූ ප්‍රහාරය ගැන ඉරාන විදේශ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ වෙරළට සැතපුම් 2,000 ක් දුරින් මුහුදේදී කුරිරු ක්‍රියාවක් සිදු කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී අයිරිස් ඩෙනා යුද නෞකාවට ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කර මුහුදුබත් කිරීම සම්බන්ධව සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.

ඉරාන නාවික නෞකාවක් වන අයිරිස් ඩෙනා ගිල්වීමෙන් එක්සත් ජනපදය “මුහුදේදී කුරිරු ක්‍රියාවක්” කර ඇති බවත්, එය දැඩි ලෙස කණගාටුවට කරුණක් බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

නැවියන් 130 කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන යනමින් තිබූ ඉන්දියානු නාවික හමුදාවේ අමුත්තෙකු වූ ඩෙනා නෞකාවට, අනතුරු ඇඟවීමකින් තොරව ජාත්‍යන්තර මුහුදේදී පහර දී ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර අයිරිස් ඩෙනා ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වනවා.

  1. රටරටවල නායකයන්ගේ අමානුෂික ක්‍රියා නිසා බැටකන්නේ පොඩි මිනිස්සුන් 😢😢😢😢😢



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40